විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
මෙම හමුව පවත්වා ඇත්තේ මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීවයි.
එහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීනව පවත්නා මිත්‍රත්වය සහ උපායමාරිගික සහයෝගීතාව තවදුරටත් තර ගැනීමද මෙම සාකච්ඡාවේදී සිදුව ඇති බවයි සදහන් වන්නේ.
විදේශ අමාත්‍යවරු දෙදනො අතර පැවැති මෙම හමුවේදී මෑත කාලීන ආර්ථික අභියෝගවලදී චීනය ලබා දුන් සහයෝගීතාවය සඳහා ශ්‍රී ලංකාවේ කෘතවේදය අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතාවය රටේ සංවර්ධනයට සහ කලාපීය සහයෝගීතාවයට සැලකිය යුතු ලෙස දායක වී ඇති බව ද අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී අවධාරණය කර ඇති බවයී සදහන් වන්නේ.