යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ නගරයේදී පුද්ගලයෙකු එම ස්ථානයේදී මියගොස් ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 44ක් පමණ වූ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය හෝ වෙඩි තැබීම හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













