එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ සාමාජික රටවල් 18 සැසිය නියෝජනය කිරීම සඳහා අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ආසියා පැසිපික් කලාපය නියෝජනය කරමින් පළමුවරට ශ්‍රී ලංකාව එහි සභාපතිත්වය දැරීම මෙවර සැසියේ විශේෂත්වයක් .
ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ සාමාජික රටවල්වල සැසිය ලබන 10 වනදා සිට 12 වනදා දක්වා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිතයි.
එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන මෙම සැසියේ ශ්‍රී ලංකා නියෝජනය වෙනුවෙන් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සහභාගි වනවා.
ඒ මහතා ලබන 10 වනදා සැසිය ඇමතීමට නියමිතයි.
සමාජ සංවර්ධනය සඳහා ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් හා දායකත්වය පිළිබඳ මහජන අවබෝධය වැඩිදියුණු කිරීම මෙවර සැසියේ තේමාව වනවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














