2024 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් තම ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව පවතින බවයි ඔවුන් සදහන් කළේ.
එමෙන්ම මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන්ට ද අද මධ්‍යම රාත්‍රී 12 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ තම අයදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.
කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය තව දුරටත් දීර්ඝ නොකරන බවයි විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.
මේ පිළිබදව වැඩිදුර විමසීම් සදහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 ඇමතීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














