ඉන්දියාවට ත්‍රස්ත තර්ජනයක් එල්ලවිය හැකි බවට එරට බුද්ධි අංශ වෙත තොරතුරු අනාවරණය වී තිබෙනවා.
අදාළ තොරතුරු වලට අනුව අනාවරණය වී ඇත්තේ සැප්තැම්බර් 22 සහ ඔක්තෝබර් 02 දින අතර අදාළ ප්‍රහාරය එල්ල විය හැකි බවටයි.
එම තොරතුරු මත සියලු ඉන්දීය ගුවන්තොටුපොළ තුළ ආරක්ෂාව උපරිම ලෙස තර කරන ලෙසට එරට සිවිල් ගුවන් සේවා කාර්යාංශය අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා .
සමාජ විරෝධි කණ්ඩායම් හෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මත මෙම තර්ජනය එල්ලවිය හැකි බවද ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.
මේ හේතුවෙන් ගුවන් තොටුපළවල්, ගුවන් පථ, හෙලිපැඩ්, ගුවන් පුහුණු පාසල් සහ පුහුණු ආයතන ඇතුළු සියලුම ගුවන් සේවා ස්ථානවල ආරක්ෂක විධිවිධාන වහාම වැඩි කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.
ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයට සහ අමුත්තන්ට දැඩි හැඳුනුම්පත් පරීක්ෂා කිරීම් සිදු කිරීමටද උපදෙස් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා .