එළඹෙන ජනාධිපතිවරණ කාලසීමාව තුළ ජනාධිපති අපේක්ෂකයන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක කටයුතු අධීක්ෂණය කිරීම සඳහා සම්බන්ධීකරණ නිලධාරියෙකු පත් කර තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි සෙනෙවිරත්න මහතා මෙලෙස එම තනතුර සඳහා පත් කර ඇතිබව සඳහන්.
ඒ, ඔහු දැනට දරණු ලබන පොලිස් ශිෂ්‍ය භට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයට අමතරවයි.
එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ 17 වන මහලේ මෙම තනතුරට අදාළව කාර්යාලයක් ස්ථාපිත කිරීමටද පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා