අපවත් වී වදාළ අස්ගිරි මහ විහාර පාර්ශවයේ අනුනායක අති පුජ්‍ය ආනමඩුවේ දම්මදස්සි නා හිමිගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි. මහනුවර අස්ගිරි පොලිස් ක්‍රීඩාංගණයේ දී අද පස්වරුවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව එම කටයුතු සිදු කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 21 වැනිදා අතිපුජ්‍ය ආනමඩුවේ දම්මදස්සි හිමියන් අපවත් වුණා.
අපවත් වී වදාළ අති පුජ්‍ය ආනමඩුවේ දම්මදස්සි හිමිගේ ශ්‍රී දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා අස්ගිරි මහා විහාරයේ අතිපුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමි අනුස්මරණ ශාලාවේ තැන්පත් කර තිබෙනවා.