මෙම වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව මාර්තු මාසයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,242 ක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 8.1 ක වර්ධනයක්.
ආනයන වියදම මෙම වසරේ මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1,637ක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 8.6 ක වැඩිවීමක් පෙන්නුම් කරනවා.
මෙම වසරේ මාර්තු මාසයේදී මෙරටට ලැබුණු විදේශ සේවා ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 693 ක් වන අතර එය ඕනෑම වසරක මාර්තු මාසයකදී වාර්තා වූ ඉහළම මාසික විදේශ සේවා ප්‍රේෂණ ප්‍රමාණය බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.
එමෙන්ම මෙම වසරේ මාර්තු මාසයේදී සංචාරක ඉපයිම් අමෙරිකානු ඩොලර් මිලියන 354ක් වන අතර මාර්තු මාසය තුළ සංචාරකයින් දෙලක්ෂ 29,298 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් වසර ආරම්භයේ සිට අප්‍රේල් මාසය අවසානය දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 2.3 කින් අවප්‍රමාණය වී ඇති බවයි මහ බැංකුව පවසන්නේ.