අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධයක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා පෙබරවාරි මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
රුපියල් 46,000,000ක මුදලක් උපයාගත් ආකාරහ හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පැල්පිට මහතා අද(23) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගැනුණා.
ඒ කොමිසම විසින් මූලික ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුවයි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රදාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.













