අනුරාධපුරයේ පාසල් කිහිපයක් ජුනි මස 7 වැනිදා සිට 12 වැනිදා දක්වා වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.
පොසොන් සතිය නිමිත්තෙන් මෙලෙස මෙම පාසල් තාවකාලිකව වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය, විවේකානන්ද විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය, මහාබෝධි විද්‍යාලය, සහිරා විද්‍යාලය, දේවානම්පියතිස්ස විද්‍යාලය හා නිවන්තකචේතිය විද්‍යාලය යන පාසල් මෙලෙස ජුනි 7 වනදා සිට 12 වනදා දක්වා වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර මිහින්තලය ආශ්‍රීතව ඇති මිහින්තලේ මහා විද්‍යාලය, කම්මලක්කුලම විද්‍යාලය හා පතිරාජ තෙන්නකෝන් විද්‍යාලය යන පාසල්ද තන්තිරිමලේ විමලඥාන විද්‍යාලයත් ජුනි මස 7 වනදා සිට 12 වනදා දක්වා වසා තැබීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.