දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවත් සමගින් ඇති වූ වැසි තත්ත්වය හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරය ජලයෙන් යට වී තිබෙනවා.
ඒ හේතුවෙන් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දහසකට අධික පිරිසක් අනුරාධපුර රත්නායක මහා විදුහලට හා පොළොන්නරුව බන්ධනාගාරයට රැගෙන යාමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.
තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරය ජලයෙන් යටවීම හේතුවෙන් බන්ධනාගාරයේ වහළය මතට නැග සිටින බවයි වාර්තා වන්නේ.
එම රැඳවියන්ද ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමට ආරක්ෂක අංශ දැඩි වෙහෙසක් ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.













