අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව, පඬිකාරමඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිය නිවසට ගිනි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි 15 හැවිරිදි දියණියද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අනුව එම සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගිනි ගැනීමෙන් ඇති වූ බරපතල තුවාල හේතුවෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ නැන්දණිය තුවාල ලබා රෝහල්ගත කර සිටියදී 36 හැවිරිදි බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇති බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසනවා.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(10) උදෑසන 15 හැවිරිදි වැඩිමහල් දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම ගින්නට හසු වූ 20 හැවිරිදි පුතා සහ 66 හැවිරිදි නැන්දණිය තවමත් පිළිස්සුම් තුවාල සහිතව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
පියා නිවසට ගිනි තැබූ අවස්ථාවේ නිවසේ සිටි බිරිඳ දියණියන් දෙදෙනා සහ බිරිඳගේ මව පමණක් වන අතර පිරිමි දරුවා සිද්ධිය දැකීමත් සමග එම ස්ථානයට පැමිණ තිබෙනවා.
පසුව මව සහ සහෝදරියන් බේරාගැනීමට යාමේදී පුතාද පිලිස්සුම් තුවාල ලබා තිබෙනවා.













