මිහිදු මා හිමියන්ගේ ලංකාගමනය අතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවු පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.
පොසොන් පොහොය නිමින්තෙන් දිවයිනපුරා ධාන, ශීල, භාවනා ඇතුළු විවිධ වැසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා.
මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මහින්තය පුදබිම කේන්ද්‍රකොට ගනිමින් සිදුකෙරෙනු ඇති.
පොසොන් පොහොය නිමිත්තෙන් ඊයේ රාත්‍රියේ සිට මිහින්තලා පුදබිම විදුලි අලෝකයෙන් ඒකාලෝකමත් කර තිබුණා.
දින පහක් පුරා මෙම ආලෝක පුජාව සිදුකෙරන අතර එය විවෘත කිරීම සාමන්‍ය ජනතාවගේ සහභාගීත්වයෙන් සිදුකිරීම විශේෂත්වයක්. මේ පොසොන් පොහොය වෙනුවෙන් වී එෆ් එම් ප්‍රවෘත්තිය අංශය තබන සටහනක්.
හඬ පට ධාවකයඋතුම් වු බුදුදහම අපහාසයට සහ උපහාසයට ලක්කර පාර්ශවලට පොසොන් පොහොයදා බුදුදහමේ වටිනාකම පෙන්වා දිය යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක අති පුජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් පවසනවා.
පොසොන් පොහොය වෙනුවෙන් ආශිර්වාද එක්කරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.
හඬ පට ධාවකයමේ අතර අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් ද පොසොන් පොහොය වෙනුවෙන් ජනතාවට ආශිර්වාද එක්කළා.
ප්‍රථමික ඇදහිලි හා විස්වාසයන් තුළ සිටි ජනතාව උසස් ආගමික හැගීම් තුළින් ප්‍රමුදිත කිරීමට බුදුදහමට හැකි වු බවයි උන්වහන්සේ සදහන් කළේ.
ලාංකිකයන්ට උරුම වු අනන්‍යතාවන් මතුවටත් ආරක්ෂා කර ගැනීම සියලු දෙනා කටයුතු කළ යුතු බවයි නාරම්පනාවේ ආනන්ද හිමියන් සදහන් කළේ.
හඬ පට ධාවකය