ජනවාරි 23 වැනිදා සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එසේම මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වියළි කාලගුණික තත්ත්වයක් පවතිනවා.
හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු – මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.













