ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතයුතු ඉක්මන් ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සංදේශයක් බාරදී තිබෙනවා.
ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය විසින්.
පවතින ආණ්ඩුව සහා පසුගිය ආණ්ඩු විසින් ක්‍රියාත්මක කළ අත්තනෝමතික ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රට මේ වනවිටත් පවතින්නේ දැවැන්ත ආර්ථික අර්බුදයක් අබිමුව බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය පෙන්වා දෙන්නේ.
මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් තවදුරටත් පීඩාවට පත්ව සිටින්නේ මහාපරිමාණ ව්‍යාපාරිකයන් නොව සාමාන්‍ය ජනතාව බව එම සංදේශයෙන් අවධාරණය කර තිබෙනවා.
” … 2023 අයවැය වැඩපිළිවෙළ තුළ පවා සාමාන්‍ය ජනතාව මත තවදුරටත් බදුබර පටවන යෝජනා ඉදිරිපත් වී ඇත.
ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග තිබියදීත් සාමාන්‍ය ජනතාව මත බදුබර පටවන්නේ ආණ්ඩුවල ගජමිතුරු සමාගම් පිනවීමේ උවමනාවට බව පැහැදිලිය.
මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාව මත පැටවූ අසීමාන්තික බදු බර අඩුකර ගජමිතුරු සමාගම් වලින් අයවිය යුතු බදු මුදල් අයකරගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍ය වේ…”
උණුසුම් පුවත්
- බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
- හපුතලේ පුද්ගල ඝාතනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
- තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
- හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
- බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට














