මස්කෙළිය ඔයේ බලපත්‍රයක් නොමැති අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු මස්කෙළිය පොලිසිය විසින් ඊයේ(02) දින රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්. පුෂ්පකුමාර මහතා පවසනවා.
බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් මස්කෙළිඔයේ පිරිසක් අනවසරයෙන් මැණික් ගරන බවට තමන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් එම සැකකරුවන් අවුරුදු 45 සහ 52 මස්කෙළිය මාවුස්සාකැලේ වතුයායේ සීටන් කොටසේ පදිංචිකරුවෙන් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, ඔවුන්ට විරුද්ධව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ පියවර ගන්නා බවයි ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.













