බගවන්තලාව මැහවැලි රක්ෂිතයේ විශාල පරිසර හානියක් කරමින් අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙක් අද(22) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසනවා.
එම රක්ෂිතය තුළ පරිසර විනාශයක් කරමින් විශාල පිරිසක් මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ බගවන්තලාව පොලිසියේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර සැකකරුවන් සහ මැණික් ගැරීමට උපයෝගී කර ගත් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වන් ගල්කිස්ස සහ බගවන්තලාව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35ත් 45ත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බවයි බගවන්තලාව පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද පොලිසිය පවසනවා.