
අඟුලාන මුහුදු ප්‍රදේශයේදී ඊයේ අනතුරට ලක්වූ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක ඩෝරා යාත්‍රාව මේ වන විට මුහුදුබත්ව ඇති බව නාවික හමුදාව පවසනවා. එම යාත්‍රාව අද දිනයේ ගොඩ ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු චමින්ද වළාකුළුගේ මහතා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් අදාළ මෙහෙයුමට බාධා එල්ල වී ඇති බව ද ඔහු සඳහන් කරනවා. අනතුරින් නාවිකයින් 11 දෙනෙකු මුදා ගත් අතර ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර යටතේ ස්ථාවර තත්ත්වයක පසුවන බවයි නාවික හමුදාව සඳහන් කළේ.














