
සංශෝධිත එකතු කළ අගය මත බදු හෙවත් වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් 01 වනදා සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඩිජිටල් බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ බදු ජාලයේ විනිවිද භාවය ඉහළ නැංවීමේ අරමුණින් පසුගිය මාර්තු 27 වන දින මෙම ආකෘතිය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.














