ඉන්ධන රැගෙන මඩකලපුව දෙසට ධාවනය වූ බවුසරයක් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ 59 හැවිරිදි වෛද්‍යවරයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුනුවර පොලිස් වසමට අයත් තංගනගර් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති අතර මිය ගිය වෛද්‍යවරයා සහ තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
මෙම ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා පළමුව මුතූර් රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට මාරු කර යවා ඇති අතර, මියගිය වෛද්‍යවරයාගේ දේහය දැනට සේරුනුවර රෝහලේ තබා ඇති බවද සඳහන්.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි සඳහන් වන්නේ.