ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල නවය කණුව ප්‍රදේශයේ දී ත්‍රි රෝද රථයක් පෙරලීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
තවත් තුන් දෙනෙකු බරපතල තුවාල ලැබුවා.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රි රෝද රථය තුළ රියදුරු සහිතව පුද්ගලයින් 4 දෙනෙකු ගමන් කරමින් සිටියා.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ සිව්දෙනාම වැල්ලවාය රෝහලට ඇතුළත් කෙරුණු අතර එක් අයෙකු එහිදී මියගොස් තිබෙනවා.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 42ක් වන අතර තුවාල ලැබූවන් අවුරුදු 24, 29 සහ 34 යන වයස්වල පසුවූවන්. කරදගොල්ල ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගිවීමෙන් පසු මොවුන් රාවනා ඇල්ල නැරඹීමට පැමිණෙමින් සිටින අතුරතුරයි අනතුරට ලක්ව තිබෙන්නේ.
වැලිමඩ ප්‍රධාන බස්නැවතුම්පල අසලදී මාර්ගයේ සිටි පොලිස් නිලධාරියෙකු ද යටකරමින් වෑන් රථයක් ධාවනය කර අසල තිබූ ත්‍රි රෝද රථගාලකට කඩාවැදී තිබෙනවා.
එම අනතුරෙන් පොලිස් නිලධාරියා බරපතල තුවාල ලැබුවා. අනතුරෙන් තුවාල ලැබුවේ ඌව පරණගම අඹගස්දෝව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකුයි. තවත් පුද්ගලයෙකු සුලු තුවාල ලැබුවා. නවතා තිබූ ත්‍රි රෝද රථ කිහිපයකට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
වෑන් රථයේ රියදුරු පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර වෑන් රථය ද පොලිස් භාරයට ගැණුනා.