අනතුරක් සිදුකර පලා යමින් සිටි මැදිරිගිරිය ප්‍රාදේශීය සභා සබාපතිවරයාට අයත් කැබ් රථය සහ එහි රියදුරු මැදිරිගිරිය පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගය සතු වනවා.
මැදිරියගිරිය මීගස්වැව මාර්ගයේදී අද(24) දහවල් අදාළ කැබ් රථය යතුරු පැදියක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී යතුරු පැදිකරුගේ පාදයකට දැඩි හානි සිදුව ඇති අතර ප්‍රදේශවාසින් එක්ව තුවාලකරු රෝහල්ගත කර තිබෙනවා.
කෙසේ වෙතත් අනතුර සිදුවීමෙන් පසු කැබ් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර මැදිරිගිරිය දියසෙන්පුර නගරයේදී ප්‍රදේශවාසීන් එක්ව එය නවත්වා රියදුරුට පහරදීමක්ද සිදුකර ඇති බව වාර්තා වනවා.
පසුව රියදුරු එම ස්ථානයෙන් පලාගොඩස් මැදිරිගිරිය පොලිසිය වෙත භාරවී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට ලක්ව ඇත්තේ වයස අවුරුදු 71ක් පමණ වන මහතලාකොළවැව යාය 7 ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













