අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අධිවේගී මාර්ග භාවිත කිරීමේදි ඩෙබිට් හෝ ක්‍රෙඩ්ට් කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීම තවදුරටත් කල් යන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්. ඒ.ඩී කහටපිටිය මහතා ප්‍රකාශ කළේ, ඊට අදාළ පහසුකම් මෙතෙක් සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇති බවයි.
අධිවේගී මාර්ග භාවිත කිරීමේදි ඩෙබිට් හෝ ක්‍රෙඩ්ට් කාඩ්පත් මගින් ගෙවීමේ නියමු ව්‍යාපෘතිය පසුගිය මස 11 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරුවේදී ආරම්භ කෙරුණා.