අධිවේගී මාර්ගයන්හි මගීන් ප්‍රවාහනය කරනු ලබන සියලුම බස් රථ 20 වන ඉරිදා සිට ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා පවසනවා.
ඒ මහතා කියා සිටියේ ජාතික ගමනාගමන කොමිසන් සභාව මගින් අධිවේගී මාර්ග බස් රථවලින් අසාධාරණ ලෙස ටෙන්ඩර් ගාස්තු අය කිරීමට එරෙහිව මෙම විරෝධතාව ක්‍රියාත්මක කරන බවයි.
ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඒකාබද්ධ මාධ්‍ය මුවක් කැඳවමින් ඊයේ(14) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
එහිදී සභාපති සම්පත් රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ අධිවේගී මාර්ගයන්හි ධාවනය කරන සියලුම බස් රථ සංගම් සමග මෙම විරෝධතාවය ක්‍රියාත්මක කරන බවයි.
අධිවේගී මාර්ගයන්හි ධාවනය කරනු ලබන බස් රථවලින් රුපියල් ලක්ෂ දෙකකට අධික ටෙන්ඩර් ගාස්තුවක් අසාධාරණ ලෙස අය කරන බවත් ඒ හේතුවෙන් බස් රථ තවදුරට ධාවනය කළ නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
එම ටෙන්ඩර් ගාස්තු අය නොකර අධිවේගී මාර්ග ගාස්තුවලින් මගියෙකුගෙන් රුපියල් දෙසීයක පමණ මුදලක් අඩුකර එම සහනය ඔවුන්ට ලබාදෙන ලෙසට ඉල්ලා සිටින බවද රණසිංහ මහතා පවසනවා.
උණුසුම් පුවත්
- ධම්මිකට ඇප – හිටපු ඇමැති අර්ජුනත් අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට කියයි
- නුවරඑළියේ ආපදාවට පත් පාසල් ළමුන්ට අවශ්‍ය ද්‍රව්‍ය මහා කරුණා බෞද්ධ සංගමයෙන්
- කසළ තේ තොගයක් සමග සැකකරුවක් මාට්ටුයි
- ටී56 වර්ගයේ ගිනිඅවියක් සමග සැකකරුවෙක් පොලිස් දැලේ
- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
- ගාල්ල මහ නගර සභාවෙත් අයවැය පරාදයි
- රන්වල මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග දෝෂයක් බවට අනාවරණයක්
- පාකිස්තාන රජයෙන් මානුෂීය අධාර තොගයක්













