අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේ 2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ට සහ සැප්තැම්බර් 01 වන දින සිට අධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ආසන බඳපටි පැලඳීම අනිවාර්යය කර ඇති බවයි.
එමෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයට ද ආසන පටි පැලඳීම අනිවාර්යය වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
2011 වසරේ සිට ආසන පටි පැලඳීම අනිවාර්යය කර තිබුණ ද සැහැල්ලු වාහන සඳහා එම නීතිය තරමක් ක්‍රියාත්මක වුවත් ලොරි සහ බස්රථ එම නීතිය මඟ හැර සිටි බවත් අද සිට බස් හා ලොරි රථ රියදුරන්ට ආසන පටි පැලඳීම අනිවාර්යය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
විශාල ප්‍රමාණයක් රිය අනතුරුවලින් ජීවිත අහිමි වන බවත් හෙයින් එය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.