පවතින අයහපබත් කාලගුණිත තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ග පද්ධතියේ සියලුම මාර්ගවල ධාවනය වන වාහන සඳහා ගාස්තු අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා කියා සිටියේ දක්ෂිණ අවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කටුනායක කොළඹ මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව යන සියලු මාර්ගවල මෙලෙස නොමිලේ ගමන් කිරීමට පහසුකම් සලසා ඇත ිබවයි.
මෙම අවස්ථාව පවතින අයහපත් කාලගුණ තත්ත්වය පහව යනතුරු සලසා ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත් මෙම පහසුකම ත්‍රීරෝද රථ සහ යතුරු පැදි සඳහා වලංගු නොවන බවද වැඩිදුරටත් වාර්තා වනවා.













