අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්ව පවතින බව අප වාර්තාකරු පවසනවා.
මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශවල ජල මට්ටම අද උදෑසන 06.00 වන විට පිටාර මට්මට පැමිණිමට අඩි 06 ක් හා 04 ක් පමණ ආසන්න වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසා තිබෙනවා.
විදුලි ඉජිනේරුවෝ පවසා ඇත්තේ මෙම ජලාශවල ජලය භාවිත කරමින් මේ වන විට උපරිම විදුලියක් නිෂ්පාදනය කරන බවයි.