ඉන්දියාවට ඇද හැලෙන ධාරාණිපාත වර්ශාව හේතුවෙන් නව දිල්ලි ප්‍රාන්තය වෙත දැඩි බලපෑම් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වන විට නව දිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් 100 කට අධික ප්‍රමාණයක් ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අද දිනයේ ඉන්දියා ගාන්දි ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් යානා 13 ක් ප්‍රමාද වී එම ගුවන් තොටුපළට පැමිණීමට නියමිත අතර එම ගුවන් තොටුපළෙන් පිටතට ගුවන් ගමන් 92 කද කාලසටහන් ප්‍රමාද කර තිබෙනවා.
මේ වන විට නව දිල්ලි අගනුවර ප්‍රදේශ රැසක් ජලයෙන් යට වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනවා.
ඒ හේතුවෙන් මේ වන විට නව දිල්ලි අගනුවර වෙත රතු නිවේදන නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
උණුසුම් පුවත්
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්
- නුගේගොඩත් වෙඩි පත්තුවෙයි
- ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
- ඉන්දීය විදේශ කටයුතු ඇමැති දිවයිනට













