ඉන්දියාවේ මුම්බායි නුවර වෙත බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ජන ජීවිත අඩාල වී තිබෙනවා.
මුම්බායි හි මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවත්, ගුවන්ගමන් සහ දුම්රිය සේවා අවලංගු කිරීමට සිදුව ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
නගරයට සහ එහි අසල්වැසි දිස්ත්‍රික්කවලට රතු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, අද දිනයේ දී තවදුරටත් තද වැසි ඇතිවන බවට ඉන්දීය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුනා.
ගෙවුණු දින හතරක කාලය තුළ මුම්බායි නගරයට මිලිමීටර් 800ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
එය මෙම මාසයේ නගරයට ලැබෙන සාමාන්‍ය වර්ෂාවට වඩා අධික වීම විශේෂත්වයක්.
නමුත් ඉදිරි දින කිහිපයේ දී මෙම තත්ත්වය යහපත් වනු ඇති බවට ඉන්දීය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා.
කෙසේ වෙතත් පසුගිය දින හතර තුළ මුම්බායි නුවර ඇතුළුව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ වැසි ආශ්‍රිත අනතුරු හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකුට දිවි අහිමි වී තිබුනා.
උණුසුම් පුවත්
- ලබන 23 වන දා සිට කාලගුණික තත්ත්වයේ වෙනසක්
- “ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
- ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
- හෙරොයින් සමග යුවළක් අත්අඩංගුවට
- චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
- 2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
- අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
- වසරේ මුල් දින 19ට රිය අනතුරු මරණ 120ක්











