දරුවන් මෙන්ම වැඩිහිටියන්ද මේ දිනවල හොදින් ජලය පානය කරන ලෙස බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ඉල්ලා සිටිනවා.
ඇය සඳහන් කරන්නේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මෙලෙස ජලය පානය කල යුතු බවයි.
පාසල් වයසේ පසුවන දරුවකු නම් දරුවාගේ වයස් සීමාව අනුව වතුර වීදුරු 4ත් 6ත් අතර ප්‍රමාණයක් පානය කළ යුතු බවයි ඇය ප්‍රකාශ කළේ.