දිවයිනේ සියලුම පාසල්වලට හෙට දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව අධ්‍යාපන අමාතාංශය නිවේදනය කරන්නේ හෙට දින දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බවයි.
එසේම පවත්නා තත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත පවතින බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.