පෙළපොත් මුද්‍රණය කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඉන්දීය ණය ආධාර මත ලැබුණු පළමු කඩදාසි තොගය රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ලැබී ඇති බවයි.
ඒ අනුව 2023 වර්ෂයේ නව පාසල් වාරය සඳහා පාසල් සිසුන්ට නොමිලේ පෙළපොත් ලබා දීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.
සුදුසුකම් ලැබූ පෞද්ගලික මුද්‍රණ ආයතන 22කට මේ වන විට ඇණවුම් භාර දී ගිවිසුම් අත්සන් කර ඇති බව ද අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ සඳහන්.