තමන් ඇතුළු විපක්ෂය කිසිදු දිනක රට ආර්ථික ත්රස්තවාදයට ඇද දැමූ හොරු සමග ඩීල් දේශපාලනයක් ක්‍රියාත්මක නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 116 වන අදියර යටතේ හම්බන්තොට – තිස්සමහාරාම – තෙළුල්ල කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් සහ උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.