අද සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.
ඒ, අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ තත්ත්වය ක්‍රියාකාරී මට්ටමට ළඟාවීමත් සමගයි.
බිඳවැටුණු නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට යළි එක්කිරීමට හැකිව තිබෙනවා.
ඉන් ජාතික පද්ධතියට ලැබෙන විදුලි ප්‍රමාණය මෙගාවොට් 300ක්.
පසුගිය ඉරිදා ජාතික විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාව මත නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රිය තත්ත්වයට පත් වුණා.
කෙසේ වෙතත් මේ වනවිට අඛණ්ඩ විදුලි සැපයුමට මතුව තිබූ බාධා අවම වීම හේතුවෙන් අද සිට දෛනික විදුලි කප්පාදුව සිදු නොකිරීමට බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.