77 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව සියලු රාජ්‍ය ආයතනවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පසුගිය මස 10 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය සංශෝධනය කර තිබෙනවා.
එම චක්‍රලේඛයේ දැක්වුණේ පෙබරවාරි මස 1 වැනිදා සිට 7 වැනිදා දක්වා වූ කාලය තුළ සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය ඔසවා තබන ලෙසයි.
එමෙන්ම පෙබරවාරි මස 3 සහ 4 යන දෙදින සියලු රාජ්‍ය ආයතන විදුලි ආලෝකයෙන් අලංකාර කිරීමට පියවර ගන්නා ලෙසත් දැනුම් දී තිබුණා.
කෙසේ වෙතත්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අද පැවසුවේ රාජ්‍ය ආයතන විදුලි ආලෝකයෙන් අලංකාරවත් කිරීම අවලංගු කිරීමට තීරණය කළ බවයි.
විදුලිය අරපිරිමැස්ම සහ විදුලි අලංකරණය සඳහා වැයවන පිරිවැය සැලකිල්ලට ගනිමින් එම තීරණයට එළැඹි බව එම අමාත්‍යාංශය සඳහන් කළා.