මත්පැන් අළෙවිසැල් අද සහ හෙට දෙදින වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය අනුව මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ඇති හෝටල සම්බන්ධයෙන් අද එම නියෝගය බල නොපැවැත්වෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කලා.
කෙසේවෙතත් උඳුවප් පුර පසළොස්වක පොහොය යෙදෙන හෙට දිනයේ සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ඇති සියලුම ආයතන සම්බන්ධයෙන් අදාළ නියෝගය බලපැවැත්වෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසූවේ.













