ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, වැඩබලන සාමාන්යාධීකාරිවරයා ඇතුළු පිරිසක් අද මහජන උපයෝගිතා කොමිසම හමුවට කැඳවා තිබෙනවා.
ඒ, විදුලි බිල අඩු කිරීමේ යෝජනා පිළිබඳව තවදුරටත් කරුණු සාකච්ඡා කිරීම සඳහායි.
ඒ අනුව අදාල රැස්වීම අද පස්වරු 03 ට පැවැත්වෙන බව සඳහන්.
පෙරේදා පැවති සාකච්ඡාවෙන් අනතුරුව මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයෙන් තවදුරටත් තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් ද කර තිබුණා.
මේ අනුව එම තොරතුරු ද අද විදුලිබල මණ්ඩලය විසින් කොමිසමට ලබා දීමට නියමිතයි.