දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ ව්ද්‍යා දෙපර්තුමෙන්තුව පවසනවා
ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපර්තුමේන්තුව සදහන් කලේ
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌවසහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ