දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් අවධානය යොමු කළ යුතු මට්ටමේ උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර හා දකුණ යන පළාත්වලට මෙන්ම රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කයට මෙම තත්ත්වය ඇති විය හැකි බවයි.
මේ හේතුවෙන් හිරැඑළියට නිරාවරණය වී සිටින්නේ නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබදව සැලකිලිමත් විය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
එමෙන්ම, වාහන තුළ කුඩා ළමුන් තනිවම රදවා නොයන ලෙස ද ඔවුන් දැනුම් දෙනවා.