Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද දවසේ කාලගුණ තත්ත්වය

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2025-05-30කියවීමට මිනිත්තු 3ක් ගතවේ.134 නැරඹු​ම්
    අද දවසේ කාලගුණ තත්ත්වය
    අද දවසේ කාලගුණ තත්ත්වය
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බස්නාහිර, සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසනවා.

    නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.

    එසේම උතුරු මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක 60ක පමණ තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් තිහත් හතළිහත් අතර තරමක තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

    ඉදිරි පැය 24ක කාල සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියක්ද කාලගුණ විදයා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

    වැසි තත්ත්වය

    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොටදක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

    සුළඟ

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එයි.

    හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් පමණ දක්වා ඉහළ යා හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

    දිවයින වටා වන‌ෙ සසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් තිහත් 40ත් පමණ වන අතර හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රීකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් පමණ දක්වා ඉහළා යා හැකි බවද සඳහන්.

    මුහුදේ ස්වභාවය

    හලාවත සිට පුත්තලම දක්වා සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    මේ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රීකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.

    මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් තුනක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පැවැතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව නිවේදනයේ සඳහන්.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට ඒම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළ විය හැකියි.

    පෙර පුව​තබටහිර ගාසා තීරයේ යුදෙව් ජනාවාස පිහිටුවීමට ඊශ්‍රායලයෙන් අවසර
    ඊළඟ පුව​ත IPL අවසන් සටනට RCB කණ්ඩායමට අවස්ථාව

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group