Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද දවසේ කාලගුණ තත්ත්වය

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2025-10-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයිනේ උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

    අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ඉහත ප්‍රදේශයන්හි ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බවයි.

    බස්නාහිර, සබරගමුව, මධයම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං ඇති විය හැකි බවද සඳහන්.

    ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    එසේම ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ නිවේදනයද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය ඊයේ(25) සවස 5.30ට පමන පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ත්‍රීකුණාමලය සිට කිලෝමීටර් 800ක් පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 10.9ත් නැගෙනහිර දේශාංෂ 88.1ත් ආශ්‍රීතව ස්ථානගතව පැවති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දිශාවට ගමන් කරමින් අද(26) දින ගැඹුරු පීඩන අවපාතයක්, හෙට(27) දින සුළි කුණාටුවක් සහ 28 වන දින උදෑසන වන විට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ දෙසට ගමන් කරනු ඇති බවට අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    නැවත දැනුම්දෙනතුරු කන්කසන්තුරය සිට ත්‍රීකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රීතව ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

    ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රීතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටිනවා.

    වැසි තත්ත්වය

    මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රීකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනෙකුත් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    සුළඟ

    සුළං බස්නාහිර දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ.

    දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 60ක් පමණ දක්වා ඉහළ යා හැක.

    මුහුදේ ස්වභාවය

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු වන අතර විටින් විට රළු වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

     

    පෙර පුව​තවැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත රජයේ දුර්වලතාවය නිසා මිනිමරුවන්ට මංකොල්ලකරුවන්ට අපරාධ කරන්න දොරටු ඇරිලා

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group