පොසොන් පොහොය දිනයේ පමණක් දිවයින පුරා සංවිධානය කර තිබූ දන්සැල් 12,600කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ ඒ අතරින් දන්සැල් තුනක් තහනම් කිරීමට කටයුතු කළ බවයි.
අද දිනයේ මෙන්ම හෙට දිනයේ ද පවත්වන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සකස් කර ඇති බවයි ඔහු පැවසුවේ.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,500කට වැඩි පිරිසක් මෙම කටයුතු සඳහා එක්ව සිටින බවයි.