අද පස්වරු 5 සිට රාත්‍රී 9.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.
පසුගිය ඉරිදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුන අක්‍රීය වී තිබුණා.
මේ හේතුවෙන් ඊයේ දිනයේ හැර ඊට පෙර දින දෙකෙහිම දිවයින පුරා පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදුකරනු ලැබුවා.
අප කළ විමසීමකදී එම අමාත්‍යාංශය කියා සිටියේ නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්කරමින් සිටින බවයි.