සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අදත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවද සඳහන්. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර 30 ක 40ක පමණ තරමක තද සුළං ඇති වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- හිටපු ඇමැති ජොන්ස්ටන් FCIDය හමුවට
- කිඹුලෙකු ඩැහැගෙන ගිය පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ
- පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙකු අත්අඩංගුවට
- ඉන්දියාවට භූ කම්පනයක්
- විශේෂ මෙහෙයුම් යටතේ පුද්ගලයින් 22 ක් අත්අඩංගුවට
- 2026 පළමු පාසල් වාරය ඇරඹෙයි
- අයිස් සහ හෙරොයින් සමග කතක් ඇතුළු තුනක් අල්ලයි











