බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අදත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර 30 ක 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද සඳහන්. මේ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
- බස් රථයක් පෙරළී 14ක් රෝහලට
- හක්ගල මල් වත්ත යළි විවෘත කෙරේ
- ශ්‍රී ලාංකිකයෙක් ජපානයේදී අත්අඩංගුවට
- හික්කඩුව නගර සභා අයවැය තෙවැනිවරටත් පරාදයි
- අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරට ලක්වෙයි
- දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අඹේවෙල ස්ටේෂම පිරෙයි
- පුත්තලම් යන්න ගිය ලොරිය අඩි 40ක් පල්ලමට යයි













