
අද දිනයේ, සබරගමුව සහ බස්නාහිර පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය, දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 කට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. උතුරු මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා තද සුළං ඇති විය හැකි බවයි කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා සඳහන් කළේ.














