බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද සඳහන්. ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර 30 ක 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- හෙම්මාතගම – ගම්පොළ මාර්ගයත් අවහිරවෙයි
- රාජ්‍ය සේවකයන්ට හෙට(28) නිවාඩු දිනයක්
- ජාත්‍යන්තර පාසල් වසා දැමීමට උපදෙස්
- කටුනායකට ගොඩබස්සන්න බැරි වුණොත් කරන්න යන දේ
- අධිවේගයේ ගමන් නොමිලේ යන්න අවස්ථාවක්
- පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවලටත් හෙට ඉඳන් නිවාඩු
- දුම්රිය ගමන් වාර කිහිපයක්ම අත්හිටුවයි
- කොළඹ – නුවර මාර්ගයේ තවත් තැනකින් නායයයි













