අතුල සමිතා කියන්නේ කාලයක් ශ්‍රී ලාංකිය රසික හදවත් සොරකම් කළ ගායන ශිල්පී යුවලක්.
මේ කියන්න යන්නේ අතුල අධිකාරිත් සමිතා එරන්දති මුදුන්කොටුවත් එකට එක්ව සැමරූ සුපිරි උපන්දින පාටියක් ගැනයි.
අතුල – සමිතා යුවලේ වැඩිමහල්ම දරුවා, එහෙමත් නැත්නම් දියණිය කාවින්ද්‍යා අධිකාරියි.
කාවින්ද්‍යාගේ උපන්දින සැමරුම පසුගිය දවසක යෙදී තිබුණා.
ඒ වෙනුවෙන් අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව වගේම කාවින්ද්‍යාගේ සහෝදරයා ශේන් එක්ව සිටියා.
ඒ වගේම කාවින්ද්‍යාගේ ස්වාමි පුරුෂයා වන දිනිඳු පෙරේරාත් චිරන්තත් තවත් යහළු යෙහෙළියන් රැසකුත් එක්ව සිටියා.
සිය දියණියගේ උපන් දිනය වෙනුවෙන් ජනප්‍රිය ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබුණේ මෙලෙසින්.
අද හරිම ලස්සන දවසක් මගේ දුවේ මගේ දුව අද වගේ දවසක තමයි මේ ලෝකේ එලිය දැක්කේ
ඒ දවස මට අද වගේ මතකයි.. එදා ඉදලා අද වෙනකන් මගේ දුව කුමාරිකාවක් වගේ මට පුලුවන් හැම දේම කරලා, මට පුලුවන් විදිහට තියාගෙන ඉන්නේ මගේ ලගින්ම.. කිසිම අඩුවක් දැනෙන්න දෙන්නේ නැතුව ඔයාව බලාගත්තා.. අදටත් එහෙමමයි. අම්මි ජීවත් වෙලා ඉන්නකල් අඩුවක් දැනෙන්න දෙන්නේ නෑ මගේ රත්තරන් දුවට.. අම්මි මල්ලි තාත්ති ඔයාට ගොඩාක් ආදරෙයි.. එ වගේම ඔයා ලගින් දැන් දනී බබත් ඔයාට ගොඩක් ආදරේ දෙන්න ඔයා ලගින් ඉන්නවා. ඒ වගේම අවුරුදු 6කට කලින් අපිව ආදරෙන් බලාගන්න චීනොත් අපි ලගට ආවා.. කවුරු මොනවා කිවුවත් අපි හරිම සතුටින් මගේ පණ.. ඒ ඇති නේද අපිට
තාත්ති, අම්මි, ගැන කවුරු මොනවා කිවුවත් අදටත් ඔයාගේ ලගින් අම්මි තාත්ති ඕනම දේකට ඉන්නවා ඔයාට ඕන හැම වෙලාවෙම.. හැම මොහොතෙම සතුටින් ඉන්න මගේ දුවේ, හිනා වෙලා ඉන්න.. එච්චරයි අම්මිට ඕන.. නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා මගේ පනට
Kavindya Adikari Kavindya Adikari
ඒ වගේම සිය උපන්දින සැමරුම දවසේ අත්විඳි ආදරණීයම හැඟීම සම්බන්ධයෙන් කාවින්ද්‍යා සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබුණේ මෙවන් සන්වේදී සටහනනක්.











