ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම හෙට සලකා බැලීමට නියමිතයි.
ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම පෙත්සම කැදවනු ඇති.
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට ඊයේ ලබා දුන්නා.
එසේම මින් ඉදිරියට අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලා.