Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අතුරුදහන්වූවන්ගේ ඥාතීන් උතුරු නැගෙනහිර හර්තාලයක් කැඳවයි

    අතුරුදහන්වූවන්ගේ ඥාතීන් උතුරු නැගෙනහිර හර්තාලයක් කැඳවයි

    මාධව කුලසූරිය - වවුනියාව
    2023-07-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.16 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මුලතිව්,කොක්කුතුඩුවායි මිනිවළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස හා අතුරුදහන්වූවන්ගේ ගැටළුවට නිසි විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් අද(28) උතුරු නැගෙනහිර පළාත්වල  හර්තාලයක් පවත්වන බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සඳහන් කරනවා.

    අතුරුදහන්වූවන්ගේ හර්තාලයට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයද ප්‍රකාශ කළා.

    යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ හර්තාලය වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

    උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඒකාබද්ධව හර්තාලය කැඳවා ඇති අතර, මුලතිව් දිස්ත්‍රික්කයේ මාධ්‍ය හමුවක් පවත්වා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ අතුරුදහන්වූවන්ගේ ගැටළුවට දේශිය යාන්ත්‍රණයකින් ස්ථිර විසදුමක් නොලැබෙන බවයි.

    මුලතිව්,කොක්කුතුඩුවායි ප්‍ර දේශයෙන් හමුවු මිනිවළ තුළ අතුරුදහන්වූවන්ගේ මිනිස් අස්ථි කොටස් පවතින බවට තමන් සැක කරන බවද අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූ අතර උතුරු නැගෙනහිර පළාත්වල වෙළඳැසැල් වසා දමා හර්තාලයට සහයෝගය ලබාදෙන ලෙසට වෙළඳ සංගම්වලින් ඉල්ලීම් කළ බවද අතුරුදහන්වූවන්ගෙ ඥාතීන් පැවසුුුවා.

    එහෙත් වවුනියාව දිස්ත්‍රික් වෙළඳ සංගමය,පෞද්ගලික බස් සංගමය,ත්‍රිරෝද රථ සංගමය පැවසුවේ හර්තාලයට සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ඊයේ(27) සවස වන විටත් ස්ථිර තීරණයක් ගෙන නොමැති බවයි.

    යාපනය,මුලතිව්,කිලිනොච්චිය හා මන්නාරම දිස්ත්‍රික් වෙළඳ සංගම් හර්තාලයට සහයෝගය දැක්වීමට එකඟ වි තිබුුුණු අතර මුලතිව්,කොක්කුතුඩුවායි මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානයේ කැනීම් කටයුතු ජුලි 06 වැනිදා මුලතිව් මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ කෙරුණා.

    ජල සම්පාදන මණ්ඩල සේවකයින් පිරිසක්  ජල නළ එලීමක් වෙනුවෙන් කානුවක් කැපීමේදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් පසුගිය ජුනි 29 වැනිදා පළමුව හමුව තිබුණ අතර ජල නළ කාර්මිකයින් සිද්ධිය සම්බන්ධයෙන් කෝකිලායි පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිළධාරීන් අදාළ ස්ථානය පරීක්ෂා කොට තිබුුුණා.

    මුලතිව් අධිකරණ නිළධාරීන්,පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන්,පුරාවිද්‍ය නිළධාරීන්,පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන්,යුධ හමුදා නිළධාරීන් එක්ව කැනීම් කටයුතු සිදුකළා.

    අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් කැනීම් කටයුතු නිරීක්ෂණයට එක්ව සිටි අතර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් මෙසේ ප්‍රකාශ කළා.

    ‘අස්ථි කොටස් හමුවු ස්ථානය සමූහ මිනිවළක් වෙන්න පුළුවන් කියලා මුලතිව් වැසියන් හා අපි සැක කරනවා. යුද්දේ කාලයේ ආරක්ෂක අංශ වෙත භාරදුන් පිරිසක් යුද්දේ ඉවරවෙලා අවුරුදු 14 ක් ගතවුණත් තවමත් අතුරුදහන්වෙලා ඉන්නවා.ඒ අය ගැන කිසිම තොරතුරක් නෑ.

    ආරක්ෂක අංශ වෙත භාරදුන් පිරිසක් අතුරුදහන් වුණා නම් ඒ අයට මොකද වුණේ කියලා අපි දැනගන්න ඕනේ.කොක්කුතුඩුවායි අස්ථි කොටස් හමුවු ස්ථානයේ අස්ථි කොටස් 10 ක් විතර දැක ගන්න පුළුවන්.ඒ අතර කාන්තා ඇදුම් කොටස් කිහිපයක්ද තියෙනවා.ඒ ගැන අපිට සැකයි’ යනුවෙනි.

    සිද්ධිය සම්බන්ධයෙන් කෝකිලායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

    පෙර පුව​තදන්ත ඖෂධ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ මිලදී ගැනීමට සැලසුම්
    ඊළඟ පුව​ත කුවේටයේ ශ්‍රී ලංකික පුද්ගලයකුට මරණ දඬුවම

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group